ආයුබොවන් කොල්ලො කෙල්ලො සෙට් එක. කොහොමද ඉතින්.

ඔන්න මෙ පැත්තනම් සීතල වුනා මේ ටිකේ. ඉතින් ටිකක් සනීපෙට ඉන්න පුලුවන් වුනා. උඹලාගේ ගෙවල් පැත්තෙ මොකො වෙන්නේ? මන් හිතන්නේ මොනවා වුනත් කිසි සිහියක් නැහැ මොකද කට්ටියම ඉන්නේ cricket සිහියෙන් හින්දා! අම්මපා මේච්චර cricket update දැකලාම නැ facebook එකේ 1996 පස්සේ (ඒ කාලේ facebook තිබ්බේ නැති වුනාට ඉතින් තිබ්බනම් මේවවගේ තමා වෙන්නේ). හැබැයි මොනා වුනත් පට්ට thrilling මැච් එක. සමහරක් කට්ටිය අහලා තිබ්බා ගප්පියා මොකො match බලන්න ගියේ නැත්තේ කියලා. ඇත්තටම match සෙරොම තියෙන්නේ Melbourne වල. ගප්පියා ඉන්නේ Sydney වල. Sydney වල ඉදන් Melbourne යන්න පැය 9 විතර drive කරන්න ඔනේ. ඉතින් මේ ටිකේ ගප්පියා හරි busy. නැත්නම් මෙහෙ ඉන්න අපිට match එකකට යන තරම් තව ජොලියක් නැහැ. Sydney මැච් වගයකුත් තියෙන අරන්චියක් තියෙනවා හැබැයි යන්න වෙන එකක්නම් නැහැ.

cricket ගැන කියද්දි ඔන්න ගප්පියගේ පොඩි කාලේ මතක් වුනා. ඉතින් ගප්පියා ශිෂත්වේ පාස් වෙලා කොලඹ Nalanda College කියලා ඉස්කොලේකට තෙරුනා. එතින් ගප්පියාගේ පරණ ඉස්කොලේ (මහරගම ජනාධිපති එක) වගේ නෙමේ, මේක පුදුම විසාලයි. ඉස්කොලේ මැද්දේ බුදු සයිස් පිට්ටනියක්. ඒ මදිවට maintain කරන pitch එකකුත් තිබුනා නිකන් international ground එකක් වගේ. කොහොමහරි ගප්පියගේ සිහිනේ කොහොමහරි cricket ගහන්න. ඉතින් cricket practice හැමදාම ඉස්කොලේ ඇරිලා යන්න ඔනේ. මුල් කාලේ හරිම ආසාවෙන් ගියේ. පස්සේ පස්සේ ටික ටික ඒක එපා වුනා. ගොඩක්ම එපා වුනේ cricket ඉවර වෙලා ගෙදර යද්දි මහ රැ වෙන නිසා. cricket උගන්නපු සර් කාරයත් ඒච්චරම ගප්පියාට ඇල්ලුවෙ නැ. පොර තැන දෙන්නේ talent එක තියෙන කට්ටියට විතරයි. අපි වගේ අන්තිම පෙලි පොරොවල් වලට dont care. ඉටත් වඩා cricket කිට් (පැඩ්, ගලවුස්, හෙඩ් ජියර්) එකක් ගන්න ගප්පියලැ දෙමාපියන්ට සල්ලි තිබ්බේ නැහැ. කිට් එක නැති එවුන් කොහොමත් පාච්චල් වෙනවා ඉතින් මොකොටෙ නිකන් පීචන් වෙන්නේ. ගප්පියා cricket ඉස්ටාර් කෙනෙක් වෙන එක අහක් කරලා දැන්මා. හැබැයි තාමත් cricket බලන්න කෙසේ වෙතත් cricket ගහන්නම් ගප්පියා හරිම කැමතියි.

ඔය ඇති. තව කතා පස්සේ කියන්නම්. මේ සිකුරාද video නැ. ගප්පියා එනවා live. හැම මාසෙම අන්තිම ෆරයිඩේ ගප්පියා එනවා ලයිව්! එහෙනම් දවල් 12.30 සෙට් වෙමු.

ජය!




Sri Lankan around the world going crazy about the recent victories of Sri Lankan cricket team against Australia. Pretty good sight to see after 1996 world cup. This week Gappiya is coming LIVE on YouTube on Friday at 12.30PM. See you then.

Share this!
  •  
  •  
  •  
Skip to toolbar