කොල්ලො කෙල්ලො ටික කොහොමද ඉතින්. මොකො වෙන්නේ? කට්ටියම හොදින් කියලා හිතනවා.

ඔන්න යන්තම් මෙහෙ රස්නේ ටිකක් අඩු වුනා. අදනම් හරිම cool හුලගක් තියෙන දවසක්. පහුගිය ටිකේ හැමොම බය වෙලා හිටියේ ලැව්ගිනි එයි කියලා. කාලගුනේ ටිකක් cool වුන නිසා සමහර විට වැඩි අවුලක් වෙන එකක් නැ.

ඒක නෙමේ කට්ටිය valantines එකට මොකද කලේ. ගප්පියයි සුද්දියි නම් ඉතින් facebook එකේ live ආවා. ගොඩක් කට්ටිය online ඇවිල්ලා තිබුනා. data ෆිරි දිලා තිබ්බා කියලා අරන්චියක් ඇවිල්ලා තිබුනා. එක නිසා වෙන්න ඇති. ඉතින් කට්ටිය මොනවද කරේ, වලන්ටයින් එකට. මට හිතනෙන්නේ වැලන්ටයින් එකේ ලොකුම ආතල් එක තියෙන්නේ single කට්ටියට කියලා මොකද තමන්ගේ ලව් එක පරකාස කරන්න හොද චන්ස් එකනේ. ඔන්න ගප්පියට වෙච්ච වැලන්ටයින් කතාවක් කියන්නම්.

මේක වුනේ ඉතින් හෙන කාලෙකට ඉස්සර. ගප්පියගේත් ඔන්න පොඩි කාලේ ලව් එකක් තිබ්බා. ටිකක් විතර පොස් කැල්ලක්. ඉතින් ගප්පියා ඉතින් ඒ කාලේ ඉදන්ම creative ඩයල් එක. ගප්පියා කල්පනා කරලා තිරණය කරා කෙල්ලට සින්දු cd එකක් write කරලා දෙන්න ඔනේ කියලා. ඉතින් හොද ලව් සින්දු කිපයක් එකතු කරලා cd එකක් හැදුවා. ඒ විතරක් නෙමේ කවර් එකකුත් හැදුවා ලන්සනට හර්ට් එකක් එහෙම දාලා. ඉතින් දැන් පුදුම excitement එකක් තියෙන්නේ. එදා රැ නින්ද ගියෙත් නැ. ඉතින් ඔන්න පහුවදා උදෙන්ම නැගිටලා පන්ති යන්න ready වුනා. ඇත්තටම ගප්පියාට ඇති පන්තියක් නැ. ගප්පියගේ ලව් එකට එදා class. ඉතින් කොන්ඩේ එහෙම ලස්සනට පීරලා ගියා. ඔන්න ඉන්නවා කෙල්ල දිලිසි දිලිසි. ඉතින් කෙල්ල දන්නේ නැ ගප්පියා cd එකක් අරන් එනවා කියලා. කෙල්ලත් දැන් හිනා වෙනවා. ගප්පියා ලගට ගිහින් කොහොමහරි ගැහි ගැහි cd එක දුන්නා. කෙල්ලට පට්ට හැපි හැබැයි නිකන් මුනේ අමුතු අවුලකුත් වගේ තියෙනවා. තප්පරයක් වගේ ගත වුනා. පස්සෙ ඔන්න තවත් ඩයල් එකක් මෙන්න ලන් වුනා. පස්සේ කෙල්ල ඔන්න උත් එකකත් හිනා වෙලා මේ ඉන්නේ “යොහාන්” කියලා අරුව introduce කරා.

තව තප්පරක් ගියා.

පස්සෙ ගප්පියට තෙරුනා සිද්ධ වෙච්ච දේ.

එහෙමම ආපස්සට හැරිලා ආවා ගෙදර.

ගොඩක්ම අවුල cd කේස් එකට රුපියල් 50 වියදම් කරපු එක.

(මේ සතියේ #JustAsk-13 එනවා.)





This week Gappiya talks about his Valantine’s day soap opera from back in the day. Just Ask episode 13 coming your way this Friday 12.30PM Sri Lankan time.

Share this!
  •  
  •  
  •