ඉතින් කොල්ලො කෙල්ලො කොහොමද ජීවිතේ? අහන්න දෙයක් නැ ඉතින් ලයිප් එක පුල් මාවලස් ඇති!

මේ පැත්තේ තාම රස්නේයි. ඔන්න අදත් ආවා මෙහෙ පුස්තකාලේ පැත්තේ. අදනම් කට්ටිය හරි අඩුයි. වෙනදටනම් මෙකේ අස්සේ පුදුම සෙනගක්. ඉස්කොලයක් වගේ සද්දේ. අනේ අදනම් කනක් ඇහිලා ඉන්න පුලුවන්. ලන්කාවේ පැත්තේ කොහොමද? වහිනවද? පායනවද?

මන් මේ බලාගෙන හිටියේ නිදහස් දිනේ වෙනුවෙන් ජාතිකාභිමානි post එනකන්. හැබැයි වෙනදා වගේ මේ පාර ආවේ නැහැ. මන් හිතන්නේ කාට කාටත් දැන් ටික ටික තෙරෙනවා ඇත්තටම එහෙම කියලා කිසිම නිදහසක් නැති බව. සුද්දගෙන් යන්තම් කියලා නිදහස් වුනා කියමුකො. එහෙම කරා කියලා හම්බුනාද දැන් නිදහසක්!? ඇත්තටම මන් උපදුන රට ගැන හරිම දුකයි. දේසපාලුවො සෙරම දුප්පත් මිනිස්සු ටික ගොනා කරලා උන්ගේ කුඹුරු සෙරම අස්වැද්ද ගන්නවා. හාල් ඇටයක දෙයක් මහන්සි වෙච්ච මිනිස්සුන්ට නැ. නියම ජොක් එක කියන්නේ එහෙම වෙද්දිත් මේ මොඩ මිනිස්සු හුරේ දාන්නේ අර ආත්මාර්තකාමි දේසපාලුවන්ට. ඉතින් අපි කොහෙද බන් නිදහස්!?

නිදහසේ හිතන්න පුරුදු නැති රටේ කොහොමද අපි නිදහස් මිනිස්සු හදන්නේ? නිදහස් මිනිස්සු නැති රටක කොහොමද නිදහස් economy එකක් හදන්නේ? බැලු බැල්මට පරස්න ගොඩක් එකට ගැට ගැහැලි වගේ පෙනුනට මට නම් හිතන්නේ මෙතන බලාපොරොත්තුවක සේයාවකුත් තියෙනවා. මිනිස්සුන්ගේ මොල මොට කරන, නිදහස් චින්තනය කාබාසිනියා කරන අපේ රටේ දුප්පත් අධයාපණය මුලින්ම වෙනස් කරන්න ඔනේ. ඔක්කොම පටන් ගන්නේ එතනින්. හැම දෙයක්ම logical (එකත් හරි ලොජින් නෙමෙයි, ගොන් ලොජික්) විදියට මයින, අධ්‍යපණ කරමයක් වෙනුවට නිර්මාණශිලිත්වය සහ self-confidence එක ගොඩ නගන අධ්‍යපණ කරමයක් ඔනේ අපිට. මිනිස්සුන්ව වෙන් කරන සන්ස්කුරුතියක් වෙනුවට අනික් මිනිහට ගරු කරන සන්ස්කුරුතියක් අපිට ඇති කරන්න පුලුවන් self-confidence එක දියුණ සමාජයක විතරයි. එහෙම සමාජයක් බෙදන්න බැ. කඩන්න බැ. දෙසපාලුවන්ට ඇම දාන්න බැහැ. එහෙම සමාජයක් economically දුප්පත් වුනත් ශක්තිමත් ඇතුලක් තියෙන නිසා අනිවා එනවා ගොඩ!

හරි දැන් ඇති රට හැදුවා. ගෙදර යන්න ඔනේ. බඩගිනියි.

ඔන්න මේ සිකුරාදා වැලන්ටයින් එකට පොඩි විඩියො එකක් එනො. අපි ගියො.
Buy Gappiya phone covers - Free shipping in Sri Lanka




How are you all? Hope you all are having a ok week. People in Sri lankan just celebrated independence day. Just like every year bunch of retarded patriotic posts here and there on Facebook. I have to say I expected more. Looks like people are slowly realising the truth about their situation in fact they can’t have a dream about independence. Anyway a quick video on valentines day this Friday. Hope you guys have a wonderful week. I see you next week.

Share this!
  •  
  •  
  •  
Skip to toolbar