හෙලො බොයිස් න් ගර්ල්ස්, ඉතින් ජිවිතේ කොහොමද?

ලන්කාව පැත්තට වහින්න ගත්තා කියලා අරන්චියි. මෙහෙනම් අම්මො තාම පුදුම රස්නයක්. අදනම් යන්තම් පොඩි cool හුලගක් හමනවා. කාළගුනේත් මහ පුදුමාකාර දෙයක් බන්. කිසිසේත්ම predit කරන්න බැනේ. ඉස්සර කතාවක කාලගුනේ කියලා චරිතයක් තිබ්බා කාටද මතක? දැන් හිතලා බලද්දි උට කාලගුනේ කියන නම ගැලපෙන්නේම නැහැ. මොකද මැන් උගේ ගෙදර හාම්පුතාලට පුදුම ලැදියාවකින් හිටියේ (මතක විදියට). අනික් වචන වලින් හරිම predictable.
අද මම facebook එකේ දැක්ක අපේ Trump මහත්තයාගේ news එකක්. මැන් තනිකරම muslim මිනිස්සු රටට ඇතුල් වෙන එක තහනම් කරලලු. මේකේත් හරිම story එක මම දන්නේ නැහැ. දැන ගන්න ඔනේත් නැහැ මොකද මට කතා කරන්න ඔන එක ගැන නෙමේ. මට කතා කරන්න ඔන වුනේ සමහරක් මිනිස්සු මේ ලොකේ කොච්චරනම් මානසික පිඩනයකින් ජිවත් වෙනවද කියලා. ඒ නිසා අපි කොච්චරනම් වාසනාවන්තද කියලා හිතනවා. අපි ගොඩක් දවස් වලට මෙක හරි නැ. අරක හරි නැ කියලා කොච්චරනම් complaint කරනවද? හැබැයි හොදට හිතුවොත් අපේ ජිවිත ලොකේ ගොඩක් ජිවිත වලට වඩා හොදයි. අපිට අපේ යාලුවො ඉන්නවා. ජිවත් වෙන්න තැනක් තියෙනවා. අත පය හතර තියෙනවා. මොනාවා නැති වුනත් කන්න බොන්න තියෙනවා.
මට හිතෙනවා වෙන මිනිස්සුන්ගේ දුක, පිඩනය ගැන හොයලා බලන එක තමන්ගේ හිත හදා ගන්න හොදම විදියක් කියලා. මොකද අපිට තියෙන දේවල් අපිට කොහෙත්ම පෙන්නේ නැ. හැබැයි අපිට තියෙන දේවල් නැති මිනිස්සු අපිට හම්භවුනාම අපිට තියෙන ඒවා හොදට පෙන්න ගන්නවා. down වෙලා ඉන්න වෙලාවක කරන්න හොද දෙයක් අපිට වඩා දුප්පත් අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන හොයලා බලන එක. එතකොට අපිට හොදට තෙරනවා අපිට තියෙන “සැප”
හරි අදට මෙච්චරක් ඇති. මේ සතියේ ඔන්න #photoshopme කියලා අලුත්ම series එකක් පටන් ගන්නවා. ආ ඒ එක්කම ගප්පියා YouTube LIVE show එක ගැනත් කියන්න ඔනේ. ගිය සතියේ ගප්පියා LIVE ආවා. ඔන්න දැන් හැම මාසේම ගප්පියා එනවා LIVE අන්තිම සිකුරාදා.

එහෙනම් ජයෙන් ජය!

Own a Gappiya T-Shirt - Cash on delivery available now
Hello boys and girls how are you? Hope you are doing ok. Today I had a glance at this Facebook story about Trump’s new laws. Apparently he restricted Muslim immigrants entering the country. I am not interested in what’s Trump is doing but this actually made me think about my life. Fortunately I have a good life. Fortunately most people who read this have a nice comfortable life. What if you get told you can’t see you family again. What if you get told you have to pack your bags and leave, you don’t belong here. As a immigrant I feel the pain and fear some of those US immigrants going through. Anyway I don’t want to bitch about another world problem today. A new show called #PhotoshopMe is coming your way this Friday. See you next week.



Share this!
  •  
  •  
  •  
Skip to toolbar