ආ කොල්ලො කෙල්ලො ටික කොහොමද?

කට්ටියම පුල් මාවලස් එකේ ජීවත් වෙනවා කියලා හිතෙනවා. ගප්පියගේ ගෙවල් පැත්තෙනම් තාම පුදුම රස්නයක්! අද නම් හවස වෙලාවට වහින්නද කොහෙද යන්නේ. අනේ හොදයි. පුදුම රස්නයක් බන්. රැ තිස්සෙ නින්දක් නැ.
මේ ටිකේ වොල් එක පුරා දේදුනු පාට profile pictures දාගෙන. ආරන්චියේ හැටියට ආණ්ඩුව මේ සම ලින්ගික විවාහ සීන් එකකට බකට් එක ඇදලලු. මේකේ ඇත්තටම මොකක්ද වුනේ කියලානම් සුවර් නැහැ. හැබැයි මොකක් හරි වෙලා තියෙනවා කියලනම් පේනවා.
දැන් සම ලින්ගික කියන වචනේ ඇහුනම ඇස් උඩ යන කෙල හිර වෙන ගොඩක් අය ඉන්නවා කියලා මම දන්නවා. හැබැයි මේක කියවන (gappiya.com එකේ) කියවන කට්ටයනම් open minded පිරිසක් නිසා සමහර විට මම කියන දේ තෙරෙයි. මේ ටික ලියන්න හිතුනේ ඒක මානසික රොගයක් කියලා හිතන බුද්ධිමත් කලුවර කොනක හිරවෙලා ඉන්න එලියන් සෙට් එකට.
ඇත්තටම දැන් මොකක්ද සම ලින්ගිකයි (gay) කියලා කියන්නේ. දැන් සමානය කරමේ හැටියට කොල්ලෙක්ට ආස හිතෙන්නේ කෙල්ලෙක්ටනේ. ඒ වගේම කිස් කරන්න, සෙක්ස් කරන්න හිතෙන්නේ කෙල්ලෙක් එක්කනේ. සම ලින්ගික වුනාම ඔය දේවල් කරන්න හිතෙන්නේ, excite වෙන්නේ එයාගේ ලින්ගේ කෙනෙක් එක්ක. ඒ කියන්නේ කොල්ලේක් වුනාම තවත් කොල්ලෙක්ව අත ගාන්න හිතෙනවා. කෙල්ලෙක්ට තවත් කෙල්ලෙක්ව අත ගාන්න හිතෙනවා.




දැන් මේතන කට්ටියට මග ඇරුනු දෙයක් තියෙනවා – සම ලින්ගික කොල්ලෙක් වුනාම කොල්ලෙක්ව කිස් කරලා අරක උරන්න ඔනේමද? සමලින්ගික කෙල්ලෙක් වුනාම තව කෙල්ලෙක්ගේ අරක උරන්න ඔනේමද? (කට්ටිය දැන් උඩ බිම බලනවා…ok let me elabrate.) තෙරුම් ගන්න අමාරු කට්ටියට මෙන්න සරලව, දැන් උබලට කවදාහරි දවසක ආදරයක් දැනිලා තියෙනවාද physical contact එක (අල්ලානේ) නැතුව. සැබැ ආදරය කියලා කට්ටිය පහුගිය කාලේ මැරුනේ…අන්න එක! එව්වගේ එකක් දැනිලා තියෙනවාද? දැන් ආයෙත් උඩ බිම බලනවා. දැන් හරි ආදරක් දැනුනම අනික් කෙනා කොයි වගේද, මොන ජාතියෙද කියලා ආදල නැ. ආදරය හරියටම දැනුනු කෙනෙක්ට මේ කියන එක තෙරෙනවා. දැන් හිතන්නකො ඒ ආදරයට උබේ වටේ ඉන්න උන් විරුද්ධ වුනා කියලා. එහෙම නැත්නම් මුලු සමාජයම විරුද්ධ වුනා කියලා. එතොකට උඹට කොහොම හිතෙයිද? සින් එක කියන්නේ මේ කියන theory එකට ගොඩක් උන්ට relate කරන්න බැ මොකද ගොඩක් වුන් අනුන්ගේ ජීවිත වල හිර වෙලා ජීවත් වෙලා, ජීවිත කාලේම එක එක දේවල් පස්සේ දුවන නිසා. ජීවිතේ නියම සුන්දරත්වය විදින්න time එකක් හම්භවෙලා නැ. උන් කොහොමද ආදරේ ගැන දන්නේ. ආදරය ගැන දන්නැතුව කොහොමද ආකර්ශණය කියන එක තෙරුම් ගන්නේ.
ඒ අස්සේ තව පිරිසක් gay උන් පව් කියලා පෙර ආත්මේ පවක් කරලා කියලා අනුකම්පා කරනවා. අනේ අනුකම්පා කරන්න ඔන අර gay උන්ට නෙමෙයි උන්ට අනුකම්පා කරන්න හදන සෙට් එකට. මොකද උන් ටික ගුලක හිර වෙලා, හැබැයි හිර වෙලා කියලා දන්නෙත් නැ.

දිස් ශිට් ඉස් ටු ෆනි!

එල කිරි එහෙනම්, දිගටම කියවපු එක ගැන සතුටුයි. මේ සිකුරාදා 12.30 ට ගප්පියාගේ අලුත් විඩියො එක වෙනුවට live session එකක්. ජයෙන් ජය! එකයි…අලුතින් පොස්ටර් වගයක් out වුනා. කැමති අය ගන්න.

Apparently, Sri Lankan government had put a stop to a gay marriage rights legislation last week. I actually don’t know the whole story, in fact, I don’t want to waste my time looking into something that would certainly result in frustration and depression. I live far away from my home and Sri Lankan family so I got my own set of depression to deal with already. Thank you.
Anyway, what would you when you were born to a restricted, backward, closed society? What would you do when you are a part of a community where true love doesn’t have a meaning in fact true love is only a fiction.
This week a live video coming your way at 12.30PM Sri Lankan time. Also now Gappiya Clothing got cool posters you can get delivered to your doorstep. Check them out below.

Buy Gappiya Posters




Share this!
  •  
  •  
  •