ආදරණිය කොල්ලො කෙල්ලන් වෙත,
ඉතින් කොහොමද? ඔන්න ආයෙත් පරණ ඉස්ටයිල් එකට බැස්සා. podcast එකට වඩා මේ විදියට ලියන එක ලෙසි වගේ. කට පැටෙලෙනවා බැඩියි බන්. කෙසේ හො කොහොමද ජිවිතේ? මේ ටිකේ මේ පැත්තෙනම් පුක පැලෙන්න පායනවා. ඒ මදිවට හමන සුලගත් නිකන් ගිනි රස්නේයි. ගේ ඇතුල් වල පවා ඉන්නවා කියන එක හරිම ආමාරැයි.
රස්නේ හුලගයි, අවු කාස්ටෙකෙයි නිසා මෙහෙ ලැව් ගිනි හැම තැනම. ලැව් ගිනි කියන්නේ මෙහෙ හැම summer එකේම බොහොම සුළභ දෙයක් හැබැයි ඒ වගේම භයානකයි. හැම අවුරුද්දේම වගේ මිනිස්සුන්ගේ ගොඩක් ගෙවල් පිච්චෙනවා. ලන්කාවේ වගේ ඉතින් ඒ මිනිස්සු ආනාථ වෙන්නේ නැ. insurance කරලා තියෙන්නේ, එත් ඉතින් සන්සාරේ එපා වෙන වැඩක්නේ.
ඒ එක්කම ඔසි රටේ ලැව් ගිනි එක්ක සම්භන්ධ වෙච්ච ජිව චක්කරයක් තියෙනවා. බොහොමයක් වනාන්තර වල growth එක සිද්ද වෙන්නේ මෙන්න මේ ලැව් ගිනි එක්ක. ඒ කියන්නේ වනාන්තර සම්පුරණයෙන් ගිනි අරන් අලු වෙලා උන් ආයෙමත් අලුත් පරම්පාරාවේ ගස් වලට ඉඩ දෙනවා. එහෙම බලද්දි ලැව් ගින්න මේකේ ජීව චක්කරයේ අනිවා අන්ගයක්. ඒක තමා පලවෙනි වතාවට අහද්දි මටත් මාර පුදුමයි. ඒ කිරාවලිය මෙහෙ ජීවත් වෙන ඇබොරොජිනීස් මිනිස්සු එක්කත් බොහොම කිට්ටුයි. ඒ කිව්වේ උන්ගේ සන්ස්කරුතික අන්ග වල මේ ජිව කිරාවලිය embed වෙලා තියෙනවා. කෙසේ වෙතත් වැඩේ අමුතුයි.
මේ සති අන්තයේ ගප්පියා ගියා sydney පැත්තේ. ඔගොල්ලා දන්නවනේ ගප්පියා ඉන්නේ ගම් පලාතේ කියලා. මේ weekend එකේ ගියා පරණ යාලුවො ටිකක් බලන්න. ඉතින් හොද ජොලියක් ගත්තා. Sydney කියන්නේ නොයෙක් ජාතින් වල උන් mix වෙච්ච එකම අච්චාරුවක්. ඒ එක්කම travellers ගොඩක් ඉන්න නිසා කොයි වෙලෙත් happening. ඉතින් නිකන් ගිහින් ආවත් පුල් මාවලස් feel එකක් තියෙනවා. එකම දේ පැය 3ක කොච්චි ගමන. සන්සාරේ එපා වෙනවා.

හරි ඔන්න එහෙනම් අදට ඇති. මේ සතියේ friday රත්නේ අයියාගේන් ඉස්පයිඩර් මලයාගෙයි පොඩි කතාවක්. එහෙනම් සී යු! ජය!
Buy Gappiya T-Shirt

Hi guys, so back to the old style instead of doing a podcast. I think you guys prefer this style anyway. So this weekend Gappiya took a small break and went to Sydney to visit his friends. I always loved Sydney. Such a upbeat city. Seeing different colored people packed in a one area is a nice thing to see. Specially when you live in a small boring old town. Anyway both have good and bad. One of the scariest thing bout this small country town is the amount of bush fires it gets every year. Since we got a lot of trees around us, I guess that’s not a surprise. Anyway a small movie with your favorite Ratne aiya and spiderman is coming your way this Friday.



Share this!
  •  
  •  
  •  
Skip to toolbar