ගොඩක් දෙනා මගේන් දැන් සැහෙන්න කාලයක් අහන දෙයක් තමා කොහොමද ගප්පියො facebook page එක verify කර ගන්නේ කියලා. පලවෙනියට කියන්න ඔනේ අපේ ලන්කාවේ කට්ටියට මෙක කර ගන්න ටිකක් අමාරුයි. ඇමරෙකාවේ pages නම් verify කරන්න කෙලින්ම option එකක් තියෙනවා page එකේ. හැබැයි ලන්කාවේ ඇතුලු (වැඩිය කවුරුත් ගනන් ගන්නැති රටවලට) එක කර ගන්න හරි නිශ්චිත කරමයක් කියලා නැ.

verify page එකක තෙරැම එක් ඇත්ත මනුස්සයෙක්ගේ එහෙම නැත්නම්, brand එකක ඇත්ත profile එකක් කියන එකයි. verify page එකකින් දැන ගන්න පුලුවන් එක් හොර (fake) page එකක් නෙමෙයි රියල් බඩු කියලා. සාමනයෙන් verify පෙජ් වලට අනික් පෙජ් වලට වඩා search rank එක වැඩියි. දැන් කවුරු හරි Gappiya කියලා search කරොත් Gappiya පෙජ් එක search results වල උඩටම එනවා. තව ආතල් එකක් තමා facebook mention කියලා වෙනම app එකක් පාවිච්චි කරන්න පුලුවන් verified වෙච්ච කට්ටියට.

Facebook mentions app logo

මම අද කියලා දෙන්නම් ගප්පියාගේ පෙජ් එක verify කරගන්න ගප්පියා කරපු දේවල් මොනවද කියලා. මේ දේවල් කරයි කියලා ඉතින් උබේ page එකත් verify වෙයි කියලා කියන්න බැ. anyway මේ ටික කරලා try එකක් දාලා බලහල්ලා. set වුනොත්…කරුමේට!

content එක.
පේජ් එක නිතර update කරන්න. ලන්කාවේ කට්ටිය ගොඩක් පුරුදු වෙලා තියෙනවා වෙන එවුන්ගේ post, links ගෙඩි පිටින් කොපි කරලා දාන්න. එහෙම කරොත් ඒක facebook එකට හොයා ගන්න පුලුවන්. (මොලේ තියෙන වුන් facebook එක හදලා තියෙන්නේ). පුලුවන්තරම් තමන්ගේ කොන්ටෙන්ට් දාන්න. සතියට තුන් පාරක්වත් update කරන්න.

2. About සෙක්සන් එක.
How to verify Facebook Page - About Section
පෙජ් එකේ about section එකට හොදට ගැලෙපෙන විස්තරයක් දාන්න. එකේ සින්හල කොටන්න යන්න එපා. මොකද ඒක කියවන්නේ ලන්කාවේ කට්ටිය නෙමේ. ඇමෙරිකන් කාරයොත් නෙමේ. ඒවා කියවන්නේ තව computers. උන්ට තෙරුම් ගන්න පුලුවන් english ඇතුලු පරසිද්ද භාෂා විතරයි. සින්හල බැ. සො සින්හල ඩොන්ට් පුට්.




3. Website එක.
පේජ් එකට අනිවා website එකක් ඔනේ. තිබිලා විතරක් මදි. ඒක update වෙන්නත් ඔනේ නිතර. ඉට පස්සේ website එකේන් facebook එකට link කරලා තියෙන්නත් ඔනේ. website එක මාස කිහිපයක් පරණ වෙන්න ඔන. website එකේ google rank එකත් වැදගත්. website එකක් අඩුම වියදමින් (අවුරුද්දටම රුපියල් 4000-5000) හාදා ගන්න විදියත් කියලා දෙන්නම් ඉලග article එකකින්.

4. Social Profiles ටික.
How to verify Facebook - Fill in other social media accounts
තමන්ගේ brand එකට twitter, instagram එහෙම තියෙනවානම් ඒවා සෙරම about සෙක්සන් එකේ දාන්න. එවගේ දාන කොන්ටෙන්තුත් පුලුවන් තරම් original කරන්න. වෙන එවුන්ගේ post හොරකන් කරන්න එපා.




4. Newspaper Articles.
තමන් ගැන හො තමන්ගේ brand එක ගැන newspaper/blog අර්ටිකල්ස් ලියවිලා තියෙනවනම්, facebook එකට තෙරෙනවා ඩයල් එක පේමස් කියලා. ඉතින් Articles කියන එව්වා බලෙන් ලියා ගන්න බැ. (සල්ලි දිලානම් පුලුවන් මයේ හිතේ) හැබැයි game එක දිලා වැඩේ ගොඩ දා ගත්තොත් පත්තරකාරොයො පස්සෙන් පන්න පන්න එනේනේ!

ඉතින් මේ සරොම කරලත් සමහරක් විට verify වෙන්න කල් යනවා. වෙයිද කියන්නත් බැ. ඒ ගැන එච්චරම හිතන්නැතුව, පුලුවන් තරම් තමන්ගේ ideas වලින් post හදලා දාන්න. හරිය ලැබුනත් නැතත් උබේ පේජ් එකට likes වැඩි වෙයි. ඔක හම්බුනා කියලාත් මහා දෙයක් වෙන්නේ නැහැ. වැදගත්ම දේ ඔයාගේ fans ලට වටින දෙයක් දෙන එකයි. හිනා යන දෙයක් හරි, ඉගෙන ගන්න දෙයක් හරි, මොකක් හරි කරන එක original විමයි වැදගත්.

එහෙනම් මේ සරම කරලා බලහල්ලා. හරි ගියොත් ඉතින් කාටද ආඩම්බර. දැන් මේකත් ගප්පියාගේ අලුත් වැඩක්. මේ technical සින් පිලිබදව තව ඉස්සරහට articles කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේක තියෙන ඒවා මාත් ලොකු එකා වගේ කිව්වට ඇත්තටම මමත් රැ එලි වෙනකම් google එකේ කොටලා හොයා ගත්තු දේවල්. ඉතින් මන් හිතුවා මෙකින් ලන්කාවේ කොල්ලෙක්ට කෙල්ලෙකුට මොනා හරි වැඩක් වෙයි කියලා. එහෙම වුනානම් කොමෙන්ට් එකක් දාලා කියහල්ලා හිත සන්තොස වෙන්න. කාට හරි වැඩක් තියේ කියලා හිතෙනවානම් share කරහල්ලා.

තව article එකකින් අයේ හම්බෙමු. ජයෙන් ජය!



Share this!
  • 4
  •  
  •  
    4
    Shares