The Library - Read Gappiya Diary





ගශ්පියාගේ පුල් මාවලස් කොල්ලො කෙල්ලො වෙත.

ඉතින් ජීවිතය කොහොමද? මෙහට නම් පැලෙන්න පායන්න ගත්තා. ලන්කාවේ පැත්තෙනම් වහිනවා කියලා අරන්චියි. ගප්පියාගේ ගෙදර ඉතින් ෆුල් මොඩර්න්නේ. වායු සමීකරණ යන්තර හැම කාමරෙම. සැප පහසුව අතින්නම් ඉතින් කිසි අඩුවක් පාඩුවක් නැ. සැප වැඩි වෙලා ඉයේ රත්තිරයේ කිසි නින්දක් නැ. (පල්ස් ඩොන්ට් මිස් අන්ඩස්ටැන්ඩ්)

මේ සතියේ ගප්පියාට අයෙමත් නැන්දම්මගේ යකඩ කම්මලේ වැඩ කරන්න සිද්ද වුනා. නැන්දම්මා හිතන් ඉන්නේ යකඩ කම්මල වහලා දාන්න. ඉතින් මේක ඇවිල්ලා අන්තිම order එකලු. දැන් ගොඩක් යකඩ වැඩ කරන්නේ අලුත් computer වලින් operate වෙන machine වල නිසා නැන්දම්මටයි පොල්ටයි වැඩි වැඩ නැලු. මේ දෙන්න ඉතින් old school ඩබලක්. එගොල්ලන්ට computer තියා පොන් එකක් oprate කර ගන්නේත් බොහොම අමාරුවෙන්. ඉටත් වඩා දෙන්නම දැන් වයස නිසා දෙන්නම retire වෙන්නලු අදහස. ඉතින් බැණා වසයෙන් මම මගේ යුතුකම ඉස්ට කොරා. තව සති කීපයක් යනකන් එගොල්ලන්ට උදව් ඔනේ. ඉට පස්සේ කම්මල වහලා දායි.

මම අද ආවා අපේ ගමේ library එකට. හවස් වෙද්දි ගෙදර ඉන්න හරි අමාරැයි (වායු සමීකරණ යන්තර නිසා) ඉතින් මම මේ පැත්තේ ආවා නිදහසේ වැඩක් කර ගන්න පුලුවන් නිසා. දැන් මට මතක් වුනේ ලන්කාවේ අපේ මහරගම පුස්තකාලේ. මන් හිතන්නේ මම ඉස්කොලෙන් out වෙද්දි එකේ නවකතා section එකේ හැම පොතක්ම වගේ කියවලා තිබුනා. මට මතකයි ඒ කාලේ මගේ ආසම පොත් තමයි Tin Tin සහ Teanage Mutant Ninja Turtles. ඒ පොත් ගෙදර ගෙනියන්න තහනම්. ඉතින් ඔකට ගිහිල්ලම කියවන්න ඔන. ආසව නිසාම කියෙව්ව මිස්ක එතන reception එකේ උන්ගේ තියෙන කච බචේ සද්දෙට එතන මෙලො එකෙක්ට පොතක් කියවන්න බැ. ඒ මදිවට එතන ඉන්න උන්ගේ පුදුම gas. වැඩිපුර වෙලා හිටියොත් ලගට ඇවිල්ලා අහනවා card තියෙනවද කියලා. මුනේ කිසි හිනාවක් නැ. මට නම් හිතුනේ පුස්තකාලේ ජොබ් එකක් සෙට් වෙනවා කියන්නේ වාසනාවක් කියලා. මොකද නිකන් ඉන්නකොට මොන තරම් පොත් පත් කියෙව්ව හැකිද. ඒ මුන් ටික නම් හිටියේ පුරුවේ පවක් වගේ. සමහර විට උන්ගෙ ඔලු වලත් අපි දන්නෙ නැති පරස්න තියෙන්නැති ඒත් ඉතින් හිනා වුනා කියලා අතින් පයින් යනැවැ බන්!

Anyway, ඔන්න මෙදා පාර diary එක සින්හලේන් type කරා. කියවන්න ලේසි කියලා හිතුනා. මෙහෙමද හොද නැත්නම් කොලේ ලියන එකද? කට්ටිය පොඩ්ඩක් comment කරලා කිව්වනම්. මේ සතියේ ඔන්න #JustAsk 12 එනවා. මෙන්න ඉස්පයිඩරයා සුද්දිට මොනද කරන්න හදනවා.
#JustAsk(Epi12) - Gappiya funny video screen shot



It’s getting really hot here. I am writing this in the local library. Just had a quick run down on my memory lane and remembered my library in Sri Lanka. It’s very small but packed with some of my favourite novels. By the time I finished school I was able to finish most of the adult novels they had. One thing I hate about the library was the bad customer service. For some reason, the reception ladies were always rude. There was one particular one (skinny and dark-skinned) and she always had bad days. Anyway, small snippet from Gappiya’s childhood.
This week, #JustAsk Episode 12 coming out and hope you all have a nice week.

Share this!
  •  
  •  
  •  
  •  
Skip to toolbar